By unusuma.lk on
(LK time)එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් දිවයින පුරා සුරාසැල් වසා තැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අප්‍රේල් මස (13) සහ (14) යන දෙදින දිවයින පුරා පිහිටි සියලුම සුරාබදු බලපත්‍රලත් මත්පැන් හල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.
තවද අප්‍රේල් (13) දින සිට (14) දින දක්වා සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුන (03 Star) ට ඉහළ සුරා බදු රු. බී 07 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍රලත් ස්ථානවල නේවාසිකව රැදී සිටින විදේශීය සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට හැකියාව ඇත.
මෙම කාල සීමාව තුල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ පැමිණිලි භාර ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත කෙටි අංකය වන 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව වෙත විවෘතව තැබෙනු ඇති බව සදහන් කරයි.