නොවැම්බර් මාසයට අදාළව ලිට්රෝ සමාගම විසින් ගෑස් මෙට්‍රික් ටොන් 44,000ක ගෑස් තොගයක් ඇනවුම් කර ඇති බවත් ඉන් මේ වන විට මෙට්‍රික් ටොන් 23,400ක් ලැබී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
හෙට (18) දිනයේදී තවත් මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බවත් ලිට්රෝ සමාගම විසින් මේ වන විට ගෑස් නිකුත් කරන ප්‍රමාණය වැඩි කර ඇති බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
එළඹෙන දෙසැම්බර් මාසයේදී මෙරට ගෑස් අවශ්‍යතාවය සඳහා ලිට්රෝ ගෑස් සමාගම මෙට්‍රික් ටොන් 45,000ක ගෑස් තොගයක් මේ වන විට ඇනවුම් කර ඇති බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
එනිසා රට තුළ කිසිදු ගෑස් හිගයක් නොමැති බවත් නිසි පරිදි නිසි කාලයට ගෑස් තොග මෙරට ජනතාවට ලබාදීමට ලිට්රෝ සමාගම කටයුතු කරන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අද (17) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“නොවැම්බර් මාසයට ලිට්රෝ සමාගම විසින් මෙට්‍රික් ටොන් 44,000ක තොගයක් ඇනවුම් කරලා මේ වන විට 23,400ක් දිවයිනට ලැබිලා තියෙන්නේ. තවත් මෙට්‍රික් ටොන් 3,900ක LP ගෑස් තොගයක් රැගත් නැව නොවැම්බර් (18) වෙනිදා දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා.
නොවැම්බර් (10) වැනිදා ඉඳලා ගත වූ දින 07 තුළ ලිට්රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂ 8ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරලා තිබෙනවා. දෙසැම්බර් මාසයේදී ගෑස් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙට්‍රික් ටොන් 45,000ක ගෑස් තොගයක් ලිට්රෝ ගෑස් සමාගම ඇනවුම් කරලා තියෙනවා.
ඒ අනුව නිසි පරිදි නිසි කාලයට ඒවා ලැබෙනවා. ලිට්රෝ ගෑස් සමාගම වෙළෙඳපොළට නිකුත් කරන ප්‍රමාණය වැඩි කළා. සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 32,000යි නිකුත් කරන්නේ ඒක දැන් 45,000 දක්වා වැඩි කරලා තියෙන්නේ.”
