By unusuma.lk on
(LK time)නියමිත කාල සමාව තුළ අදාළ නාමයෝජනා භාර නොදුන් බවට චෝදනා කරමින් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නියමිත කාල සමාව තුළ නාමයෝජනා භාර නොදුන් බවට චෝදනා කරමින් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව අභියාචනාධිකරණය විසින් කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අද (07) දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා මැයි (05) වනදාට පෙර ගොනුකරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මැයි මස (07) වනදාට පෙර ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් මෙහිදී නියෝග කර ඇත.
අනතුරුව පෙත්සම් විභාගය මැයි මස (16) වනදා පැවැත්වීමටද නියම වු අතර එදින තෙක් අදාළ අතුරු නියෝගය බල පැවැත්වෙන බව එම නියෝගයේ සදහන් වේ.