මහේල හදිසියේම දැඩි තීරණයක් ගනියි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘උපදේශක පුහුණුකරු’ ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරෙන් ඉවත්වීම සඳහා ඉල්ලීම් කර ඇති බවයි.

මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස වැඩ බාර ගනු ලැබුවේ 2021 වසරේදීය.

උපදේශක පුහුණුකරු තනතුරට අමතරව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ තාක්ෂණික මධ්‍යස්ථානෙයේද කටයුතු කල අතර ජයවර්ධන මහතා එම ධූරයෙන්ද ඉවත් වී ඇති බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close