LIVE
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අද (20) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව දැනුම් දී ඇත.
ඒ අනුව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට තවත් සති දෙකක කාලයක් ඉල්ලා ඇත.
සෞඛ්‍ය හේතුන් මත මෙලෙස පැමිණීමට නොහැකි බව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ලිපියක් මගින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
නිවසේ සිට ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වෛද්‍යවරුන් තමන්ට උපදෙස් ලබාදී ඇති බැවින් අදාළ ප්‍රකාශය නිවසට පැමිණ ලබා ගන්නා ලෙසට එමගින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

