Advertisements

මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර ඇතුළු 6කට එරෙහිව අධිචෝදනා

LIVE

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු 6 දෙනෙකුට එරෙහිව අද (15) දින ගම්පහ මහාධිකරණය විසින් අධිචෝදනා භාරදීම සිදුවිය.

ගම්පහ මහාධිකරණය අංක දෙක විනිසුරු නයනා සෙනෙවිරත්න හමුවේ නඩුව අද (15) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ සමදරී පියසේන විසින් අදාළ අධි චෝදනා පත්‍ර එක් එක් විත්තිකරු වෙනුවෙන් භාරදීම සිදුවිය.

කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයට අයත් ඉඩමකට කූට ලේඛන සකසා විකිණීමට තැත් කිරීමේ චෝදනාව මත මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර ඇතුළු 6 දෙනෙකුට එරෙහිව අධිචෝදනා භාරදී ඇත.

1 Comment
Most Voted
Newest Oldest