අද (20) දින මස්කෙළිය ශාන්ත ජෝසප් ජාතික විද්‍යාලයේ සිසුන් 36 දෙනෙකු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
මස්කෙළිය ශාන්ත ජෝසප් ජාතික විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුන් රැසක් උදෑසන ආහාරය ගැනීමෙන් අනතුරුව පන්ති කාමරවල රැඳී සිටියදී මෙම හුස්ම ගැනීමේ අපහසුතාව හටගෙන ඇති බව වාර්තා වේ.
අනතුරුව වහාම එම සිසුන් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව සිසුන් 30 දෙනෙකු ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
ඉතිරි සිසුන් හයදෙනා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
