රටට හිසරදයක් වූ 3,000ක් අත්අඩංගුවට.!

ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මේ වනවිට ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගොස් සිටින නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මීට අමතරව ශ්‍රී ලංකා පොලීසිය විසින් ද එළෙස පලාගිය සෙබළුන් හා නිලධාරීන් 330 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙලෙස පසුගිය පෙබරවාරි මස 22වනදා සිට මැයි මාසයේ 30 දක්වා කාලය තුළදී සිදුකළ මෙහෙයුම්වල දී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර යුද හමුදාවේ 2,261ක්,  නාවික හමුදාවේ 194ක්, ගුවන් හමුදාවේ 198ක් සිටින බව සඳහන්.

මේ වනවිට රට තුළ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ රැල්ලේ ප්‍රධාන කාර්‍යභාරයක් සිදුකරනු ලබන්නේ මෙලෙස අනීතිකව හමුදා සේවයෙන් පැන ගොස් සිටිනා පිරිස් බව ඒ සම්බන්ධයෙන් සිදුකරනා විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ඒ අනුව තවදුරටත් එලෙස සැඟවී සිටිනා පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරනා බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments