මත්තල ගුවන්තොටුපළේ පාඩුව කෝටි 7000ක්

මත්තල ගුවන්තොටුපළේ පාඩුව කෝටි 7000 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එනිසා ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු, දත්ත මධ්‍යස්ථාන, ආහාර භෝජනාගාර ඇතුළු සේවා සඳහා ජාත්‍යන්තර සේවා සමාගම් සමඟ එක්ව සංවර්ධනය කිරීමට අභිලාෂ කැඳවා ඇත.

ඒ සඳහා තෝරාගත් සමාගම 17ක් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීමට කටයුතු කරගෙන යන බව වරාය නාවික සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මත්තල ගුවන්තොටුපොළ සඳහා සුදුසු ආයෝජකයන් ලබන 2027 වසරේ තෝරා ගැනීමට නියමිතය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel