Facebook සහ Instagram ඇතුළු ලොව ජනප්රියම සමාජ මාධ්ය ජාලාවල මව් සමාගම වන “Meta” සමාගමට ඇමරිකානු නිව් මෙක්සිකෝ දිස්ත්රික් අධිකරණය විසින් (21) දින ඩොලර් බිලියන 25ක දැවැන්ත දඩයක් නියම කර ඇත.
Meta සමාගම Facebook පරිශීලකයින් නොමග යවමින් ඔවුන්ගේ දත්ත අනවසරයෙන් බෙදා හැර ඇති බවට වූ නඩුවක තීන්දුව ප්රකාශයට පත් කරමින් ඩොලර් බිලියන 25ක දඩයක් නියම කර ඇත.
Meta සමාගම ගෙවන දඩ මුදල ප්රාන්තයේ දරුවන්ගේ අධ්යාපනය සඳහා යෙදවීමටද අධිකරණය නියෝග කර ඇත.
පරිශීලක දත්ත කිසිඳු විටෙක පරිශීලකයින්ගේ අවසරයකින් තොරව තෙවන පාර්ශවයන් සමග බෙදා නොගන්නා බවට වසර ගණනාවක සිට Meta සමාගමේ නිලධාරීන් විසින් කරන ලද ප්රකාශ උපුටා දක්වමින්, නිව් මෙක්සිකෝ ප්රාන්තයේ නීතිපති Meta සමාගමට එරෙහිව අදාළ නඩුව පවරා තිබිණි.
පරිශීලක දත්ත පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් Meta සමාගමේ වංකභාවය හේතුවෙන් නිව් මෙක්සිකෝ ප්රාන්තයේ මිලියන දෙකක් පමණ වූ සමස්ත ජනගහනය බලපෑමට ලක් වූ බව, නීතිඥයින් අධිකරණය හමුවේ ප්රකාශ කළේය.
මාර්ක් සකර්බර්ග්ගේ Meta සමාගමට මෙතෙක් අධිකරණයකින් පනවා ඇති ඉහළම දඩ මුදල මෙය බව ව්දෙස් මාධ්ය වාර්තා කරයි.
