බිහිසුණු බස් අනතුරෙන් මියගිය ගණන ඉහළ⁣ට

මිහින්තලය – රඹෑව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථ තුනක් එකිනෙක ගැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඇති අතර අනතුරුව පෞද්ගලික බස් රථයක් එම බස් රථ වල ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් මැදවච්චිය සහ අනුරාධපුර රෝහල් වෙත යොමුකර ඇත.

මෙම බිහිසුණු අනතුර සිදුවන අවස්ථාව වනවිට බස් රථ තුනේම මගීන් 100කට ආසන්න පිරිසක් ගමන් කරමින් සිට ඇතැයි වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් මගීන් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කරයි

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel