Advertisements

මිල්ලනිය මාලිමා සභාපතිට මරණ තර්ජන

මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපති ජයතුංග ගමගේ සමන් සුජීවට මරණ තර්ජන සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව හොරණ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

කිසියම් පුද්ගලයකු විසින් සභාපතිවරයාගේ ජංගම දුරකථනයට අද (15) දින අලුයම 1.00ට පමණ ඇමතුමක් ලබාදී තමන් “එළිවීමට පෙර මරන බවට” තර්ජනයක් සිදුකර ඇත.

අනතුරුව සභාපතිවරයා වහාම පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්දී ඇත. අනතුරුව හොරණ මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවස වෙත ගොස් පැමිණිල්ල නිල වශයෙන් සටහන් කරගෙන ඇත.

එලෙස මරණ තර්ජනය එල්ල කළ පුද්ගලයාගේ අනන්‍යතාව හෙළි කරගැනීමට අදාළ දුරකථන අංකය සහ ඇමතුම් වාර්තා සම්බන්ධයෙන් තාක්ෂණික විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest