බටහිර මධ්‍යම සහ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මුරසු’ සුළි කුණාටුව, තවදුරටත් වර්ධනය වී ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වීමේ වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන් බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (02) පෙරවරු 10.30ට ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි රතු නිවේදනයක් නිකුත් කර ඇත.
එය අද (02) දින මධ්‍යම රාත්‍රියත් හෙට (03) දින අළුයමත් අතර කාලයේ නෙල්ලෝර් සහ නර්සාපූර් අතරින්, ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ හරහා ප්‍රබල සුළි කුණාටුවක්ව ඉන්දියානු ගොඩබිම වෙත ගමන් කළ හැකියි.
අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි අතර ගිගුරුම් සහිත තද වැසි ඇතිවීම හේතුවෙන් මුහුද ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
