මාමයි බෑණයි වරින්වර දැරිය අපයෝජනය කළ නකල්ස් ගල්ගුහාවේ අපරාධය

නකල්ස් ගල්ගුහාව ආශ්‍රිත සිදුවීම සම්බන්ධව සිදුකළ විමර්ශනවලදී, බාලවයස්කාර දැරියක් වරින්වර ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් දෙදෙනා අවුරුදු 36 සහ 23 යන වයස්වල පසුවන අතර ඔවුන් මාමා සහ බෑණා බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව අදාළ බාලවයස්කාර දැරිය 08 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියදී පසුගිය 2023 වසරේදී 36 හැවිරිදි සැකකරු විසින් පළමුව ඇයව ලිංගික අපයෝජනයට ලක්කර ඇත.

අනතුරුව 23 හැවිරිදි අනෙක් සැකකරු දැරිය අපයෝජනයට ලක් කර ඇති අතර අවස්ථා ගණනාවකදී ඔවුන් දෙදෙනා විසින්ම ඇයව වරින්වර අපයෝජනයට ලක් කර ඇති බව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

එලෙස අවස්ථා ගණනාවකදී අපයෝජනයට ලක්වීමෙන් පසුව දැරිය ගැබ්ගෙන ඇති අතර අනතුරුව ඇයව කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගිය අවස්ථාවක දරුවෙකු ප්‍රසූත කර ඇති බව පොලිස් වාර්තාවල සඳහන් වේ.

කෙසේ වෙතත් දැරියගේ එම දරු ප්‍රසූතියෙන් පසුවද (දරුවා ලැබිලා සිටියදී) සැකකරුවන් දෙදෙනා දැරියව අවස්ථා කිහිපයකදී ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

3 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel