මන්ත්‍රී නලීන් බණ්ඩාර නීති විරෝධීව ගෙන ආ ඩ්‍රෝන තොගයක් මාට්ටු

අද (08) දින ශ්‍රී ලංකන් ගුවන් යානයකින් සිංගප්පූරුවේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ සහ ඔහුගේ බිරිඳ ගුවන්තොටුපල ප්‍රභූ පර්යන්තය හරහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ප්‍රභූ පර්යන්තයේදී සිදු කළ රේගු පරීක්ෂාවේදී ඩ්‍රෝන යානා සහ මයික්‍රෆෝන තොගයක් රේගු භාරයට ගෙන ඇත.

එලෙස නීතිවිරෝධී අයුරින් මෙරටට රැගෙන ආ DJI Lito Mini 2′ වර්ගයේ ඩ්‍රෝන යානා 39ක් සහ ‘DJI Mic Mini 2’ වර්ගයේ සන්නිවේදන මයික්‍රෆෝන 16ක් රේගු භාරයට ගෙන ඇත.

මන්ත්‍රීවරයා රේගු බදු මුදල් ගෙවා භාණ්ඩ රැගෙන යන බවට රේගුව වෙත ප්‍රකාශයක් ලබාදී ගුවන්තොටුපල පරිශ්‍රයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා රේගු ආඥා පනත මෙන්ම සිවිල් ගුවන් සේවා නීතිරීතිවලට අනුව, මෙරටට ඩ්‍රෝන යානා සහ විදුලි සංදේශ උපකරණ වාණිජ මට්ටමින් ආනයනය කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශය, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙතින් පූර්ව ලිඛිත අනුමැතිය සහ බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය වේ.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel