සජබ මන්ත්‍රී නලීන් බණ්ඩාරට වැඩ වරදී

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ නිසි අනුමැතියකින් තොරව මෙරටට ඩ්‍රෝන යානා ගෙන ඒම සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරයි.

පොලිස්පතිවරයාගේ නියමයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට තීරණය කර ඇත.

මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානාවල තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය මගින් අධ්‍යයනයක් සිදු කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර කිසිදු අනුමැතියකින් තොරව නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා සහ මයික්‍රොපෝන් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සිය භාරයට ගත්තේය.

ශ්‍රී ලංකන් ගුවන් යානයකින් සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්තාවේදි ප්‍රභූ පර්යන්තයේදී සිදුකළ රේගු පරීක්ෂාවේදී ඩ්‍රෝන යානා සහ මයික්‍රෆෝන තොගය රේගු භාරයට ගෙන ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel