සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර කිසිදු අනුමැතියකින් තොරව නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා සහ මයික්‍රොපෝන් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකන් ගුවන් යානයකින් සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්තාවේදි ප්‍රභූ පර්යන්තයේදී සිදුකළ රේගු පරීක්ෂාවේදී ඩ්‍රෝන යානා සහ මයික්‍රෆෝන තොගය රේගු භාරයට ගෙන ඇත.
එලෙස නීතිවිරෝධී අයුරින් මෙරටට රැගෙන ආ DJI Lito Mini 2′ වර්ගයේ ඩ්‍රෝන යානා 39ක් සහ ‘DJI Mic Mini 2’ වර්ගයේ සන්නිවේදන මයික්‍රෆෝන 16ක් රේගු භාරයට ගෙන ඇත.
අදාළ ඩ්‍රෝන යානා ගුවන්තොටුපොළෙන් රැගෙන යාම සඳහා ආනයන පාලන බලපත්‍රය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය අවශ්‍ය වුවත්, මන්ත්‍රීවරයා එම අනුමැතීන් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත.
ඩ්‍රෝන යානා සහ මයික්‍රෆෝන තොගය රේගු භාරයට ගැනීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා රේගු බදු මුදල් ගෙවා භාණ්ඩ රැගෙන යන බවට රේගුව වෙත ප්‍රකාශයක් ලබාදී ගුවන්තොටුපල පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ඒ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතීන් ලබාගතහොත් අදාළ භාණ්ඩ තොගය නිදහස් කරන බව රේගුව සඳහන් කරයි.
අදාළ භාණ්ඩ තොගය රේගු භාරයට ගෙන ඇති අතර ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
මේ අතර රේගු භාරයට ගනු ලැබූ ඩ්‍රෝන යානා තොගය සිය පුත්‍රයාට අයත් සමාගමක් මඟින් ගෙන්වන ලද්දක් බවත් ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගෙන තිබූ අවසර පත්‍රයේ වලංගු කාලය අවසන් වී තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ සඳහන් කරයි.
