සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ බිරිඳ බදු වංචා කරමින් රට තුළට ඩ්‍රෝන යානා තොගයක් ගෙන ඒමේ සිදුවීම මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් සිදුකළ වංචනික ක්‍රියාවක් බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
එලෙස ජනතා බදු මුදල් වංචා කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ඩ්‍රෝන යානා මෙරටට ගෙන ආ තම පක්ෂයේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ගන්නා පියවර කුමක්ද යන්න ඒකාබද්ධ විපක්ෂය ප්‍රශ්න කරයි.
සමගි ජන බලවේග හොරණ ආසන සංවිධායක ධුරයෙන් සහ පක්ෂ සමාජිකත්වයෙන් චරිත් අබේසිංහ ඉවත් කිරීමට ගත් තීරණය, මන්ත්‍රී නලීන් බණ්ඩාරට ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සම කැඳවුම්කරු නිරුක්ෂ කුමාර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රශ්න කරයි.
ඒකාබද්ධ විපක්ෂය සම කැඳවුම්කරු නිරුක්ෂ කුමාර සඳහන් කළේ,
“සියලුම ආයතන වලින් ගන්න තියෙන එම බලපත්‍ර ලබා නොගෙන, රේගුවට ගෙවන්න තියෙන මුදල් නොගෙවා හොර රහසේ ගෙනාපු එකක් තමයි රේගුව අත්අඩංගුවට ගත්තේ.“
“අපි දැක්කා පහුගිය කාලයේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා රැස්වීමකදී කියනවා. රටේ ජාතික ආරක්ෂාව බරපතළ තැනක තියෙන්නේ. තොරතුරු ලැබිලා තියෙනවා. එහෙම කතාවක් කියනවා නේ.
එතකොට දැන්, අපි කියන්නේ මෙවැනි ආකාරයේ ඩ්‍රෝන යානා 40ක් ආරක්ෂක අමාත්‍යංශය නොදැනුවත්ව ගෙන්වන්නේ මොකක් හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ කතාවක් මේක තුළ තියෙනවා ද.?
එහෙම නැන්නම් මේ ඩ්‍රෝන යානා උපයෝගි කරගෙන මොකක් හෝ ප්‍රහාරයක් සිද්ධ කරන්න, මොනවා හෝ කඩාකප්පල් වැඩක් සිද්ධ කරන්න. එම සිද්ධි ගැලපුවාම අපිට යම් කිසි ව්‍යාකූල තත්ත්වයක් මතු වෙනවා.
මම අහනවා චරිත් අබේසිංහට ක්‍රියාත්මක වෙච්ච ඒ නීතිය ඇයි නලීන් බණ්ඩාරට නැත්තේ.? නලීන් බණ්ඩාරගෙත් පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා ඔහුවත් පැත්තකින් තියන්න ඕනි නේ. මොකද ඔහුගේ ඇස් ඉදිරියේ රේගුව අත්අඩංගුවට අරන් තියෙන්නේ.
ලැජ්ජා වෙන්න ඕන. තමන්ට ලැබිච්ච මන්ත්‍රී වරප්‍රසාදය උපයෝගී කරගෙන මෙවැනි ආකාරයේ, ලංකාවේ අනපනත්, රේගු අනපනත්, ආරක්ෂක අමාත්‍යංශයේ අනපනත්, සිවිල් ගුවන් සේවාවේ අනපනත්, මේ සියල්ල උල්ලංඝණය කරලා මේ කරන සිදුවීම් සම්බන්ධව.”
