By unusuma.lk on
(LK time)
ජනතාවගේ බදු මුදලින් උපාධිධාරියෙක් නිර්මාණය කළ විට ඔහුගේ අනාගත වගකීම රජයට පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයට මෙන් ම ජාත්‍යන්තරයට වෘත්තියන් ගෙන යාමේ වගකීම ද ශ්‍රී ලංකා රජය සතු වන බවද අමාත්‍යවරයා කියා සිටියා.
රටට අවශ්‍ය වෛද්‍ය වෘත්තිකයින් රටතුළ බිහිකර ගන්නා අතරම විදේශයන් සඳහා ද, වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් යැවීම පිළිබඳව මේ වන විට සාකච්ඡා පවත්වමින් සැලසුම් කරන බව නලින්ද මහතා පැවසුවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුයේ, අද (28) පෙරවරුවේ පරිපූරක අතුරු වෛද්‍ය කර්මයට අදාළ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලා සඳහා උපාධිධාරීන් 85 දෙනෙක් සඳහා බඳවා ගැනීමේ ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
මෙහි දී විකිරණ ශිල්පි තනතුර සදහා 74 දෙනෙකු සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සදහා 11 දෙනෙකු ලෙස 85 දෙනෙකු බඳවා ගන්නා ලද අතර ඔවුන් හට මාස හයක පුහුණු පාඨමාලාවක් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වල ලබා දීමට නියමිතයි.
මෙම බඳවා ගැනීම් තුළ විශේෂත්වය වනුයේ ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සඳහා වසර 11 කට පසු මෙම බඳවා ගැනීම සිදුවුවා.