නාමල්ට ඇප නැතිවෙන ලකුණු.. අධිකරණයෙන් නියෝග

ක්‍රිෂ් ගනුදෙනුවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව නොවැම්බර් මස (18) වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel