විපක්ෂයේ සිටින අයගෙන් අති බහුතරයක් ඇප පිට සිටිනා බවත් ඔවුන්ට නඩු තිබෙන බවත් ඉදිරියේදී තව කීදෙනෙක් සියදිවි නසාගනීද යන්න තමන් දන්නේ නැති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරයි.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,
“පොලිස්පති කෙනෙකුත් දැන් සියදිවි නසාගත්තා. තව තව කීදෙනෙකුට සියදිවි නසාගන්න වෙයිද මම දන්නෑ. විපක්ෂයේ ඉන්න අයගෙන් ගත්තාම අති බහුතරයක් ඇප පිට ඉන්නේ. නඩු පිට නඩු.
දැන් මහින්දානන්ද ගන්නකෝ. හිරේනේ අවුරුදු 20කට. ඔය එකකට විතරයි. හිටපු වෙළද ඇමති අවුරුදු 25කට හිරේනේ. ඔය එකකට විතරයි. උතුරු-මැද මහ ඇමති අවුරුදු 16කට හිරේනේ. ඔය එකකට විතරයි.
සරණ ගුණවර්ධන අවුරුදු 16කට හිරේනේ. ඔය එකකට විතරයි. තව පෝලිමක් තියනවා මේ කට්ටියට. දැන් රාජපක්ෂලා පවුලේ නඩු නැති කෙනෙක් පුළුවන් නම් හොයලා කියන්නකෝ. නඩු ඔක්කොටෝම. එක නඩුවක් නෙමෙයි නඩු පෝලිමක්.
ඔය තත්ත්වය තුළ ගොඩාක් අයට හිරේ යන්න වෙනවා මේ තත්ත්වයත් එක්ක. ඊට කලින් සමහරවිට සියදිවි නසාගැනීම් වෙන්නත් පුළුවන්. ඉතින් මේ පොලිස්පතිගේ සියදිවි නසාගැනීම මොකක් අරභයා සිදුවුනාද කියන එක පිළිබඳව අපට නිශ්චිත වශයෙන් කියන්න අමාරුයි.“

