ක්‍රිෂ් සමාගමෙන් ලබාගත් රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිත කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුව අද (16) දින කැඳවනු ලැබීය.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගතව සිටින විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
එහිදී සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින ඉන්දීය ජාතිකයන් දෙදෙනාට සිතාසි භාරදී තිබේද යන්න සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසා, ලබන ජනවාරි මස (18) වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙසට කොළඹ මහාධිකරණය අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
සාක්ෂිකරුවන් දෙදෙනා මේ වනවිට විදේශගතව සිටින බැවින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිතාසි යොමු කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණයට දැනුම් දුන්නේය.
