පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට එරෙහිව මූදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුව අද (29) දින කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කිරීම තුළින් මූදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට මෙම නඩුව පවරා ඇත.
ඒ, නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ අධ්යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ සුජානි බෝගොල්ලාගම, නිත්ය සේනානි සමරනායක, සුදර්ශන ගනේගොඩ බණ්ඩාර යන සැකකරුවන්ට එරෙහිවයි.
පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උදෘත නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන බවයි.
එහෙත්, නාමල් රාජපක්ෂ ඇතුළු ඇතුළු සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව මෙතෙක් නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නොමැති බව පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (29) කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම නඩුකරය පෙබරවාරි මස (11) වනදා යළි කැඳවන ලෙස නියෝග කළ මහෙස්ත්රාත්වරයා එදින නීතිපති උපදෙස් පිළිබඳ කටයුතු වල ප්රගතිය දැනුම් දෙන ලෙසත් නියම කළේය.
