එයාර් බස් ගනුදෙනුව සම්බන්ධව අධිචෝදනා ගොනු කළ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් හෙට (28) දින කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර ඇත.
ඒ අනුව අධිචෝදනා ගොනුකර ඇති ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණයට හෙට (28) දින නාමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමට ප්රධාන මහේස්ත්රාත්වරයා නියෝග කළ අතර ඇප ප්රත්ක්ෂේප කරමින් එතෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
නාමල් රාජපක්ෂට ඇප නියම කිරීමට තමන්ට නොහැකි බවත්, තමන්ට කළ හැකි දෙය වන්නේ සැකකරු අධිචෝදනා ගොනුකර ඇති මහාධිකරණයට හැකි ඉක්මණින් ඉදිරිපත් කිරීම බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් අද (27) ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය දැනුම් දෙමින් මහේස්ත්රාත්වරයා මේ බව සඳහන් කරයි.
