ඩුබායි ඇතුළු රටවලත්, තැන් තැන් වලත් තිබුණු මුදල් ගැන විමර්ශන සිදුකරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“අපි භාරගත්තේ අපරාධ වලින් ග්‍රහන රාජ්‍යයක්. මේ රාජ්‍යය ඇතුලේ ඔවැනි දේවල් රාශියක් සිදුවෙලා තියෙනවා. එනිසා උගන්ඩාවේ පස්සේ විතරක් එල්ලිලා ඉන්න එපා.
ඩුබායි ඇතුළු රටවලත්, තැන් තැන් වලත් තිබුණු මුදල් ගැන විමර්ශන සිදුකරමින් පවතිනවා. මම දැක්කේ නැහැ කොහෙවත් නාමල් රාජපක්ෂවත් ඩුබායිවල තිබුණු සල්ලි ගේනවාද කියලා අහනවා.
ඒනිසා ඒ කටයුතු සිදුවෙමින් පවතින බව කියන්න පුළුවන්. ඒ හෙළිදරව් වන කරුණු අනුව අපි බලමු ඉදිරියේදී මොනවද වෙන්නේ කියලා.
කෙහෙල්බද්දර පද්මේ එක්ක සම්බන්ධකම් පැවැත්වු දේශපාලඥයෝ දැන් එකිනෙකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගේන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ ඒ කටවුත්තර අනුව විමර්ශන දියත් වෙයි.
සමහර සාක්ෂි විනාශ කරලා තියෙනවා. සමහර සාක්ෂි කරුවන් විනාශ කරලා තියෙනවා. සාක්ෂි පිළිබඳව විමර්ශන කරපු නිලධාරීන් තැන් තැන් වලට ස්ථාන මාරු කරලා හෝ ඔවුන්ට ලංකාවේ ඉන්න බැරි තත්ත්වයක් සලස්වලා තියෙනවා.”
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

