26 වැනිදා නඩුවට උසාවි එන්න බෑ.. මම විදේශගත වෙනවා.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවතින නඩු කටයුත්තක් සඳහා නියමිත දිනයේ සහභාගී වීමට නොහැකි බව දැන්වීමට මන්ත්‍රීවරයා (19) දින හම්බන්තොට දිසා අධිකරණය වෙත පැමිණියේය.

ජනවාරි (26) වනදා තමන්ට විදේශගත වීමට ඇති බැවින් එදිනට පැවැත්වෙන නඩු කටයුත්ත සඳහා ඉදිරිපත් වීමට නොහැකි බවත් එදිනට විදේශගත වීම සඳහා අවශ්‍ය නියෝග ලබාදෙන ලෙසද මන්ත්‍රීවරයා සිය නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එය පිළිගත් හම්බන්තොට දිසා අධිකරණය ඒ සඳහා විදේශගත වීමට මන්ත්‍රී නාමල් රාජපක්ෂට අවසර ලබාදුන්නා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“අපිට අධිකරණ පද්ධතිය කෙරෙහි දැඩි විශ්වාසයක් තියෙනවා. පොලීසිය කෙරෙහි මේ රටේ ජනතාවටත් දිනෙන් දින විශ්වාසය බිඳවැටෙනවා.

ඒකට හේතුව මේ ආණ්ඩුව පොලීසිය සහ පොලිස් සේවය සම්පුර්ණයෙන් දේශපාලනීකරණය කරනවා. පොලිස් නිලධාරියාගේ ගෞරවය කෙලෙසනවා.”

ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා දාපු නඩු 19ක්ම තමයි මට තියෙන්නේ. මේ අනුර කුමාර මහත්තයා දාලා නෑ.”

Advertisements
Advertisements
5 Comments
Most Voted
Newest Oldest