මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් 60,448කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රා 12ක් සහ සැකකරුවන් 26 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම සවුත්බාර් මුහුදු හා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි දියත් කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර එම ඩිංගි යාත්‍රා කිහිපයක් පරීක්ෂා කර ඇත.
එහිදී, නීති විරෝධී ලෙස මුහුදු මඟින් ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් තිබූ අදාළ මුහුදු කූඩැල්ලන් තොගය නාවික හමුදාව විසින් භාරයට ගෙන ඇත.
