Advertisements

රාත්‍රියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා මරුට

LIVE

නවගමුව, වඳුරම්මුල්ල ප්‍රදේශයේදී ඊයේ (16) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වන අතර වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි.

මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest