Advertisements

බන්ධනාගාරයේ වෙඩි තැබූ නිලධාරියා සම්බන්ධයෙන් ගත් තීරණය

LIVE

මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන්ගේ අමානුෂික පහරකෑම් වලට ලක්වෙමින් සිටි බන්ධනාගාර නිලධාරීන් බේරා ගනිමින් එහි රැඳවියන් ප්‍රධාන දොරටුව බිඳගෙන පලායෑම වැළැක්වීම සඳහා වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියාට සේවා මාරුවක් ලබාදී ඇති බව වාර්තා වේ.

දිගින් දිගටම එම නිලධාරියාට මරණීය තර්ජන එල්ල වීම හේතුවෙන් ඔහුගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙමින් ආරක්ෂිත බන්ධනාගාරයක සේවය සඳහා එම නිලධාරියා යොදවා ඇති බව වාර්තා වේ.

තම ජීවිතය පවා නොතකා සහෝදර නිලධාරීන් බේරා ගැනීමට සහ දෙපාර්තමේන්තුවේ කීර්තිනාමය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ මෙම නිලධාරියාට නිසි ආරක්ෂාවක් ලබාදිය යුතු බව බන්ධනාගාර නිලධාරීන් සඳහන් කරයි.

මෙම නිලධාරියාට මරණ තර්ජන බොහොමයක් ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය ඇතුළු විදේශයන්ගෙන් බව වාර්තා වේ.

8 Comments
Most Voted
Newest Oldest