2027 අයවැය ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (11) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම අවස්ථාවට එක් විය.

දිට්වා ව්‍යසනය සහ මැදපෙරදිග අර්බුදය වැනි අභ්‍යන්තර සහ බාහිර අභියෝග හමුවේ වුවද, නිසි කළමනාකරණයකින් සහ ඉහළ මූල්‍ය විනයකින් යුතුව කටයුතු කිරීම හේතුවෙන් මෙරට ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර රැසක සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට වත්මන් රජය සමත්ව තිබේ.

ඒ අනුව, ආර්ථිකය ස්ථාවර කිරීමේ ඉලක්කයෙන් ඔබ්බට ගොස්, ආර්ථික ප්‍රසාරණය සහ පරිවර්තනීය සංවර්ධනය ඉලක්ක කරගත් රුපියල් බිලියන 2,000ක ප්‍රාග්ධන ප්‍රතිපාදන ඇතුළත් 2027 අයවැය ලේඛනය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel