මුද්රණ කාඩ්පත් සහ මුද්රණ යන්ත්ර හිඟය ඇතුළු කරුණු හේතුවෙන් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ලක්ෂ හයහමාරකට අධික රියැදුරු බලපත්ර සංඛ්යාවක් මුද්රණය කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.
නොවැම්බර් මස මැද වනවිට මුද්රණ යන්ත්ර කිහිපයක් ලැබීමෙන් පසුව රියැදුරු බලපත්ර මුද්රණ ධාරිතාව දෙගුණයකින් ඉහළ නැංවීමට හැකිවනු ඇති බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් විශ්රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ප්රනාන්දු සඳහන් කරයි.
ඒ අනුව ලබන 2027 වසරේ අප්රේල් මාසය පමණ වනවිට රියැදුරු බලපත්ර නිකුත් කිරීම සාමාන්ය පරිදි කිරීමට හැකිවනු ඇති බවද මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් විශ්රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ප්රනාන්දු සඳහන් කරයි.
කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ රියැදුරු බලපත්ර ඉල්ලුම්කරුවන් බොහෝ පිරිසකට මේ වනවිට නිකුත් කෙරෙන්නේ තාවකාලික බලපත්රයකි.
