නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ.. පාසල් මට්ටමින් අරඹයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාසල් මට්ටමෙන් දැනුවත් කිරීම අද (19) දිනයේ සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව පාසල් මට්ටමේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම අද දිනයේ සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම මෙන්ම, ඒ පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබාගැනීම සඳහා පරිශීලනය කළ යුතු නෛතික ලේඛන සහ දැනුවත් වීමේ ක්‍රමවේද හඳුන්වාදීම එහිදි සිදු කෙරේ.

​ඒ සඳහා අවශ්‍ය සියලු ඉගෙනුම් ආධාරක මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සියලු විදුහල්පතිවරුන් වෙත ලබා දීමට කටයුතු කර ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel