By unusuma.lk on
(LK time)මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා අද (22) සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණ නව සුරාබදු කොමසාරිස් ජනරාල් යු. එල්. උදය කුමාර පෙරේරා මහතා හමුවී ඉකුත් කාලසීමාව පුරාවට සිදුව තිබූ සුරා බදු වංචාවන් සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් ලබාදීමට කටයුතු කළේය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංජය මහවත්ත මහතා සඳහන් කළේ, මේ වනවිට පවතින සුරාබදු පනතේ අඩුපාඩු සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස්වරයා සමඟ සාකච්චා කළ බවයි.
එහිදී එම පනතේ ඇති අඩුපාඩු සංශෝධනය කර සුරාබදු වංචනිකයන් සම්බන්දයෙන් දැඩිව කටයුතු කිරීම සහ ඔවුන්ගේ දේපොළ අත් පත් කරගැනීම සම්බන්ධව නව නීති සම්පාදනය කිරීමටත් කොමසාරිස් ජනරාල්වරයා එකඟ වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම ඉදිරියේදී වෙළඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන මිලෙන් අඩු ප්‍රමිතිගත මත්පැන් බෝතලය සම්බන්දයෙන්ද අදහස් දැක්වූ සංජය මහවත්ත මහතා පැවසූවේ, එම මත් පැන් බෝතලය රුපියල් 2000කට ආසන්න මුදලකට පාරිභෝගිකයා අතට පත්කිරීම සඳහා බලාපොරොත්තුවන බව කොමසාරිස්වරයා පැවසූ බවයි.