By unusuma.lk on
(LK time)මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව වාහන ආනයන සඳහා අවසර ලබාදීමෙන් පසු මේ වනවිට යතුරුපැදි ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේ වාහන තිස්හත්දහස් හාරසිය හැටතුනක් (37,463ක්) වන ලියාපදිංචි කර ඇති බව පැවසෙයි.
ඒ අනුව යතුරුපැදි 33,992ක්, මෝටර් රථ 530ක් (ජනවාරි 111ක්, පෙබරවාරි 92ක්, මාර්තු 327ක්, ත්‍රිරෝද රථ 195ක්) ඇතුළු කාණ්ඩ 20ක් යටතේ ගැනෙන වාහන මෙසේ ලියාපදිංචි කර තිබේ.
2024 වර්ෂයේ දී වාහන 74,410ක් නව ලියාපදිංචි කිරීම් යටතේ වාර්තා වී ඇති අතර මෝටර් රථ 1644ක්, යතුරුපැදි 65,289ක්, ත්‍රිරෝද රථ 83ක් ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේ මෙම වාහන ලියාපදිංචි කර ඇත.
ආර්ථික විශ්ලේශකයන් පෙන්වාදෙන්නේ අවම වශයෙන් මෝටර් රථ ඇතුළු වාහන 50,000ක් මේ වර්ශය ඇතුලත රට තුළට පැමිණෙනු ඇති බවයි. ඒ අනුව බදු සංශෝදන යටතේ මිල ගණන් වෙනස්වීම නොසලකා හැරියද ඉල්ලුම සහ සැපයීම මත වර්තමාන වෙළඳපොලේ පවතින වාහන මිල 30% – 40% ප්‍රමාණයකින් පහත වැටෙනු ඇති බවයි.