බලු සුරතලාට සීමාවකින් තොරව ආහාර ලබාදීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස එම බලු සුරතලා අධික ලෙස තරබාරු වී අවසානයේ මියයෑම හේතුවෙන් නවසීලන්ත කාන්තාවකට එරට අධිකරණය මාස 2ක සිරදඬුවමක් නියම කර ඇත.
එම කාන්තාවට නියම කළ සිර දඬුවමට අමතරව නවසීලන්ත ඩොලර් 720 ක දඬ මුදලක් සහ බල්ලන් ඇති කිරීම සම්බන්ධයෙන් තහනමක් පැනවීමට නවසීලන්ත අධිකරණය තීරණය කර ඇත.
එම කාන්තාවට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට මැදිහත්ව ඇත්තේ, සත්ව හිංසනය වෙනුවෙන් පෙනී සිටින “ප්‍රිවෙන්ෂන් ඔෆ් කෲවෙල්ටි ටු ඇනිමල්ස්” ආයතනය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.