By unusuma.lk on [last-modified] (LK time)
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට (10) සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් සාමාන්‍ය පරිදි ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවයි.
පසුගියදා ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අඹේපුස්ස – අලව්ව අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අවහිර වීමෙන් ප්‍රධාන, උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය නතරවී තිබුණි.
ඒ හේතුවෙන් දුම්රිය ධාවනයවූයේ කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා පමණි.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ස්වේච්ඡා කණ්ඩායම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් අඹේපුස්ස – අලව්ව අතර බුජ්ජොමුව දුම්රිය මාර්ගයේ පැවති බාධා ඉවත්කර අද දුම්රිය මාර්ගය යථාවත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව හෙට දින උදෑසන කාර්යාල දුම්රිය ධාවනය පහත පරිදි සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.







