Advertisements

සාමාන්‍ය පෙළ විභාගය – සියලුම සිසුන්ට විශේෂ නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2026) විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව සාමාන්‍ය පෙළ (2026) විභාගය සඳහා පෙනී සිටීමට අපේක්ෂිත, එහෙත් මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොමැති පෞද්ගලික අයදුම්කරුවන්ට තම භාරකරුගේ හැඳුනුම්පත් අංකය භාවිතයෙන් විභාගය සඳහා ලියාපදිංචි විය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ (2026) විභාගය සඳහා පෙනී සිටින පාසල් අයදුම්කරුවන් සඳහා ඊට අදාළ විශේෂ උපදෙස් මාලාවක් මේ වන විටත් විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ (2026) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ජූලි (23) වැනිදා දක්වා මාර්ගගතව සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව පසුගිය ජූලි (03) වැනිදා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේය.

ඒ අනුව අයදුම්පත් කැඳවන දින වනවිටත් ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති පාසල් අයදුම්කරුවන් සඳහා විභාගයට අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී පිළිපැදිය යුතු උපදෙස් පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇත.

ජාතික හැඳුනුම්පත් නොමැති පෞද්ගලික අයදුම්කරුවන් සඳහා තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිතා කර ලියාපදිංචි වීමෙන් අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වන විටත් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොමැති අයදුම්කරුවන් හට නියමිත දිනට පෙර විභාගය සඳහා අයදුම් කිරීමට ජාතික හැඳුනුම්පත ලබාගෙන නොතිබීම බාධාවක් නොවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එනිසා සියලුම අයදුම්කරුවන්ට ලබාදී ඇති උපදෙස් පරිදි (23) දිනට පෙර විභාගය සඳහා අයදුම් කරන ලෙසත් කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest