බටහිර-මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති “ඔර්නබ්” නම් ප්රබල සුළි කුණාටුව මේ වනවිට ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතියි.
බප්ටාලා සහ විසාකාපට්නම් පසුකරමින් සුළිකුණාටුව අන්ද්රා ප්රදේශ් ප්රාන්තය හරහා රට මධ්යයට ගමන් කරනු ඇති.
විපතට පත්වන ජනතාව වෙනුවෙන් සහන කඳවුරු 2,100කට වැඩි සංඛ්යාවක් ස්ථාපනය කොට ආරක්ෂක අංශ ඇතුළු සහන සේවකයින් 6,000ක් අනියුක්ත කර ඇති බව ආන්ද්ර ප්රදේශ් ප්රධාන අමාත්ය චන්ද්රබාබු නායිදු සඳහන් කරයි.
එම ප්රාන්තයේ පුද්ගලයින් මිලියන 50කට වැඩි සංඛ්යාවක් ජීවත් වන අතර දැනට ප්රාන්තයේ ගුවන් තොටුපොළ තුනක සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇත.
ප්රාන්තයේ පැයට කිලෝ මීටර 150ක පමණ ඉතා තද සුළං අපේක්ෂා කළ හැකි බවත් ඔඩීෂා ප්රාන්තයේ දිස්ත්රික්ක 16ක සියලුම පාසැල් වසා දමා ඇති බවද ඉන්දීය කාලගුණ අංශ සඳහන් කරයි.
ඔර්නබ් සුළිකුණාටුවත් සමග කාලගුණයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් හිමාලයා කඳු වැටියේ ඇතැම් ප්රදේශ තරණය කිරීමට බලපත්ර ලබාදීම අත්හිටුවීමට නේපාලය පියවර ගෙන ඇත.
මේ අතර ශ්රී ලංකාවේ කාලගුණ තත්ත්වය කෙරෙහි එම පද්ධතියෙන් ඇති වන බලපෑම ක්රමයෙන් අඩු වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව පළාතෙත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්රික්කවලත් පස්වරු 1.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද සඳහන් කරයි.
