By unusuma.lk on [last-modified] (LK time)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද තොරතුරු මත සිදුකළ වැටලීමකදී වැඩිමිලට පානීය ජල බෝතල් අලෙවි කළ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික සමාගමකට රුපියල් මිලියනයක දඩ මුදලක් පනවා තිබේ.
මෙලෙස නඩු පවරා ඇත්තේ බෙලිහුල්ඔය සහ බණ්ඩාරවෙල ප්රදේශයේ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික ආයතනයකටය.
බෙලිහුල්ඔය ප්රදේශයේ අදාළ නිවාඩු නිකේතනය විසින් රුපියල් 100ක මිලකට අලෙවි කළ යුතු ලීටරයක පානීය ජල බෝතලක් රුපියල් 400ක මිලට අලෙවි කිරීමේ චෝදනාව මත අදාළ ආයතනට එරෙහිව බලන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයේ නඩු පැවරීමට එම අධිකාරිය පියවර ගෙන තිබේ.
එහිදී බලන්ගොඩ මහේස්ත්රාත් අධිකරණය මගින් අදාළ නිවාඩු නිකේතනයට රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට නියෝග කර ඇත.
එමෙන්ම රුපියල් 70කට අලෙවි කළ යුතු මිලිලීටර් 500 පානිය ජල බෝතලයක් එම මිල ඉක්මවා රුපියල් 230කට අලෙවි කළ බණ්ඩාරවෙල ඇල්ල ප්රදේශයේ පුද්ගලික සමාගමකටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නඩු පවරා ඇති අතර එහිදී ද අදාළ සමාගම වෙත රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.






