පානදුර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරක් මත නල්ලූරුව ප්‍රදේශයේ හෝටලයක කළ සෝදිසි මෙහෙයුමකදී අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කර ඇතැයි සැකපිට චීන ජාතිකයින් 32 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පානදුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවකට අනූව කළ සෝදිසි මෙහෙයුමට, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, අපරාධ වාර්තා කොට්ඨාසය, නිල සුනඛ කොට්ඨාසය සහ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව එක්ව ඇත.
එහිදී අදාළ මූල්‍ය වංචා සඳහා යොදාගත් බවට සැක කෙරෙන පරිගණක 23ක් සහ තවත් තාක්ෂණික උපාංග රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එම පිරිස අන්තර්ජාලය හරහා නීතිවිරෝධී ව්‍යාපාරයක් හෝ මූල්‍ය වංචා කර ඇද්දැයි සොයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.
විදෙස් ජාතිකයින් එලෙස හෝටල්, ලැඟුම්හල් සහ නිවාඩු නිකේතන වල රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
