Advertisements

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම් කරයි.!

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න වැඩ තහනමකට ලක්ව ඇත.

නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්නගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් මත මෙම තීරණය ගෙන ඇත.

ඊයේ (23) දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩ තහනම ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

පසුගිය 2023 සැප්තැම්බර් (15) දින සිට ක්‍රියාත්මක වන පරිදි නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මෙම ධුරයේ රාජකාරි කරනු ලැබීය.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest