පාර්ලිමේන්තු සේවකයන් ඇතුළු නිලධාරීන්ට පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී ගෙවනු ලබන ප්රවාහන දීමනාව ජීවන වියදම සැලකිල්ලට ගෙන වැඩි කර දෙන ලෙස එහි සේවකයෝ සහ වෘත්තීය සමිති නියෝජිතයෝ රජයෙන් සහ පාර්ලිමේන්තු ප්රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු සේවකයන්ට වසර 15කට ආසන්න කාලයක සිට ප්රවාහන දීමනාව ලෙස ගෙවනු ලබන්නේ රුපියල් 750ක මුදලක් පමණක් බවත් ඈත දුර බැහැර ප්රදේශ වලට යන සේවක සේවිකාවන් රැසක් සිටින හෙයින් එම මුදල ප්රමාණවත් නොවන බව එම සේවකයින් සඳහන් කරයි.
