පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ගෙවන වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් අද (19) දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හෙළි කරයි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට මාසිකව රුපියල් 54,285ක දීමනාවක් ගෙවනු ලබයි.
මාසික සංග්‍රාහ දීමනාව ලෙස රුපියල් 1,000ක මුදලක් ගෙවනු ලබයි.
මාසික රියදුරු දීමනාව ලෙස රුපියල් 3,500ක් ගෙවනු ලබයි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මගින් රියදුරෙකු ලබාගතහොත්, එම මන්ත්‍රීවරයාට රියදුරු දීමනාවක් ගෙවනු නොලැබේ.
දුරකථන දීමනාව ලෙස රුපියල් 50,000ක්, ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 15,000ක් ගෙවනු ලබයි.
කාර්යාල දීමනාව රුපියල් ලක්ෂයක් වන අතර රැස්වීම් දීමනාව ලෙස දිනකට ගෙවනු ලබන මුදල රුපියල් 2,500කි.
පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගීවීම වෙනුවෙන් දිනකට රුපියල් 2,500ක් සහ කාරක සභා දීමනාව ලෙස දිනකට රුපියල් 2,500ක් ගෙවනු ලබයි.
පාර්ලිමේන්තු රැස්වීම් නොමැති දිනවල පැවැත්වෙන කාරක සභා රැස්වීම් සඳහා දිනකට රුපියල් 2,500ක් ගෙවනු ලබයි.
එක් එක් මන්ත්‍රීවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර ප්‍රමාණය පදනම් කරගනිමින් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ඩීසල් ලීටර් 419.76ක ප්‍රමාණයක් පදනම් කරගනිමින් සෑම මාසයකම පළමු වන දිනට වෙළඳපොළේ ඩීසල් ලීටරයක අනුමත මිල ගණන් අනුව ඉන්ධන දීමනාව ගෙවනු ලබයි.

