Advertisements

පාස්කු ප්‍රහාරය – ෂැංග්‍රිලා බෝම්බකරුගේ හඬපටයක්

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බකරු මොහොමඩ් ඉල්හාම් ප්‍රහාරයට පෙර මරාගෙන මැරෙන බවට කර ඇති ප්‍රකාශයක් ඇතුළත් හඬපටයක් (14) දින කොළඹ මහාධිකරණය ඉදිරියේ වාදනය කර එහි අන්තර්ගතය සටහන් කරගෙන ඇත.

ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බකරු මොහොමඩ් ඉල්හාම්ගේ මෙම හඬපටය දෙමළ භාෂාවෙන් කර ඇති අතර එම ප්‍රකාශය අධිකරණය ඉදිරියේ වාදනය කිරීමෙන් පසු උසාවියේ භාෂා පරිවර්තක තුවාම් සදාත් මගින් සටහන්කර ගැනිණි.

නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මික සිංගප්පුලි ඉදිරියේ කැඳවු අතර නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන අගෝස්තු (11) වනදා විමසීමටත්, එදින පැමිණිල්ලේ සාක්ෂිකරුවන් සිව් දෙනකුට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට විනිසුරුවරයා නියෝග කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැනගෙන ඒවා පොලීසියට අනාවරණය නොකිරීමේ චෝදනාව යටතේ දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි මෙම නඩුව විභාග වේ.

මොහොමඩ් ඊබ්‍රහිම් යනු, පාස්කු ප්‍රහාරයට දායක වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වන මොහොමඩ් ඉන්සාෆ් සහ මොහොමඩ් ඉල්හාම් යන අයගේ පියා වේ.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest