පාස්පෝට් පැය 24 මෙහෙයුම හෙටින් අවසන්.!

මහජනතාව සඳහා විදේශ ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවයේ පැය 24 පුරා සිදුකිරීම හෙට (30) දිනෙන් අවසන් කෙරෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විදේශ ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය පැය 24 පුරාවට සිදු කිරීම 2025.02.18 දින සිට ක්‍රියාත්මක වූ අතර එය හෙට (30) දිනයෙන් අවසන් වේ.

එළඹෙන ජුනි මස (02) වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින ගමන් බලපත් නිකුත් කිරීමේ සේවාව සඳහා අයදුම්පත්‍ර භාරගැනීමේ කටයුතු පෙරවරු 7:00 සිට පස්වරු 2:00 දක්වා සිදුකරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments