Advertisements

අනේ මාව අත්අඩංගුවට ගන්න එපා කියලා දණ ගහගෙන යන්නේ නෑ

අපේ සමහර නායකයෝ වගේ, මාව නම් අත්අඩංගුවට ගන්න එපා, අපිව හිරගෙවල් වල යවන්න එපා කියලා අපි දණ ගහගෙන යන්නේ නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කළේ,

මේ හිරගෙවල් වල දානවා කිවුවාම අපේ සමහර නායකයෝ වගේ අනේ සර් මාවනම් අත්අඩංගුවට ගන්න එපා. අනේ අපිව හිරගෙවල් වල යවන්න එපා කියලා අපි දණ ගහගෙන යනවාද.? නෑ..

අපි මේ වේදිකාව තැනුවේ එවැනි අභියෝග ජය අරගෙන ඉදිරි කාලයේදී මේ රටේ හැම කෙනා⁣ටම සමානව නීතිය ගෙන එන යුක්ති ධර්මය පදනම මත නීතියේ ආධිපත්‍ය තියෙන රටක් හදන්න. නිදහස් රටක් හදන්න.”

කුරුණෑගල පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මේ බව සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest