Advertisements

පුද්ගලයින් 5ක් ඝාතනය කළ පිල්ලෙයාන්.. අධිකරණයෙන් නියෝග

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (13) දින මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත්  කළේය.

මෙම නඩුව මඩකලපුව මහෙස්ත්‍රාත් විනිසුරු ඒ. දර්ශිනි ඉදිරියේ විභාගයට ගැණුනි.

වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද දින මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජූලි (24) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

කල්ලඩි ප්‍රදේශයේ සිදු වූ ඝාතන පහකට අදාළව ගොනු කර ඇති චෝදනා තුනක් සහ තවත් එක් චෝදනාවක් මත අද දින අධිකරණ විභාගය පැවැත්විණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ 2008 වසරේදී T-56 ගිනිඅවි යොදාගෙන සිදු කරන ලද ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම නඩු පවරා ඇති බවත් ඒ අනුව චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නමැත්තා පහත සඳහන් සිදුවීම්වලට සෘජුවම සම්බන්ධ සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත.

*2008 ජනවාරි (09) මඩකලපුව කල්ලඩි මුරුගන් කෝවිල අසලදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.

*2008 මැයි (22) කාත්තන්කුඩි ප්‍රධාන මාර්ගයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.

*2008 අගෝස්තු (20) වවුනතීව්, කොතියපුල ප්‍රදේශයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් රාත්‍රී කාලයේදී තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.

මෙම සිද්ධියටම අදාළ කල්ලඩි ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පවතින නඩුව එළඹෙන ඔක්තෝබර් (29) වන දින දක්වා කල් තැබීමට අධිකරණය පියවර ගත්තේය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest