මුදල් වංචා කරමින් පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මීගමුව ප්‍රදේශයේදී මෙම මුදල් වංචාවට අදාළ අවුරුදු 45 හා 59 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මූල්‍ය ආයතනය පවත්වාගෙන යෑම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, මුදල් සැපයීම, කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
