අද (02) දිනයේ සිට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට රැස්වීම් මාලාව ආරම්භ කරන බව හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු සඳහන් කරයි.
ඒ අනුව රැස්වීම් මාලාව සතියේ දින පහේම දිවයින පුරා පවත්වන බවත් එය කොළඹ දිස්ත්රික්කයෙන් ආරම්භ කරන බවද ජොන්ස්ටන් ප්රනාන්දු සඳහන් කරයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ උපදෙස් මත එම රැස්වීම් මාලාව පවත්වන බවද ජොන්ස්ටන් ප්රනාන්දු සඳහන් කරයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්රික්කයේ ආසන සංවිධායකවරුන් සමඟ පැවති රැස්වීමකදී ජොන්ස්ටන් ප්රනාන්දු මේ බව සඳහන් කරයි.
