තරුණියකට ලිංගික හිරිහැර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොල්ගහවෙල ප්රාදේශීය සභා මන්ත්රී දිනේෂ් සමන්ත කුමාර නොවැම්බර් (05) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොල්ගහවෙල මහේස්ත්රාත් අධිකරණය (22) දින නියෝග කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ පොල්ගහවෙල මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
මන්ත්රීවරයාට අයත් බිස්කට් නිෂ්පාදනාගාරයක සේවය කරන 20 හැවිරිදි තරුණියකට ලිංගික හිරිහැර සිදුකළ බවට ලද පැමිණිල්ලකට අනුව පොතුහැර පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
